
උඩරට මැණිකේ දුම්රිය ධාවනය වෙමින් තිබියදී එය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයකු දුම්රියේ ගැටි බරපතළ තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදුවී තිබුණේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද (18) පස්වරු 1ට පමණය. තුවාලකරු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඒ මොහොතේ එම පුද්ගලයා අධික බීමතින් සිට ඇති අතර දුම්රිය මාර්ගයට පැමිණ ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ ගෙන තිබේ. දුම්රියේ ගැටීමෙන් පසු ඔහු විසිවී ගොස් බරපතළ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ එම පුද්ගලයා උඩරට මැණිකේ දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානයට රැගෙනවිත් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත..
අවුරුදු 41ක් පමණ වයසැති එම පුද්ගලයා හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවකු බව හැටන් පොලිසිය කියයි