
අඹගස්දෝව, ගොඩළිඳ ප්‍රදේශයේ පිහිටි උකස් ආයතනයකට උකස් කර තිබු,ලක්ෂ තිස් දෙකක් වටිනා ත්‍රිරෝද රථ තුනක්, එම ත්‍රිරෝද රථවල ලියකියවිලි සමඟ ත්‍රිරෝද රථ උකසට තැබූ ත්‍රිරෝද රථ හිමිකරුවන් විසින්ම හොර රහසේ උසස් කර තිබූ ස්ථානයට ඇතුළු වී අදාළ ත්‍රිරෝද රථ පැහැරගෙන ගොස් තිබේ. ඌවපරණගම අඹගස්දෝව පොලිසිය විසින් එම ත්‍රිරෝ රථ සමඟ පුද්ගලයන් තුන්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් එම ත්‍රිරෝද රථ ස්ථාන තුනක සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ, මොරගොල්ල, බලගල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තුන්දෙනෙකි. එම තිදෙනා ඌවපරණගම අඹගස්දෝව පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ලුසන්ත රත්නායක
වැලිමඩ