ඉන්ධන මිල පහළට

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් ඉදිරියේදී පහළ යනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශාල ප්‍රතිශතයකින් එක්වරම ඉන්ධන මිල මෙලෙස පහළ යාමෙන් ලොව පුරා ජනතාවට විශාල සහනයක් ලැබෙනු ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්ධන මිල සියයට 20ක ප්‍රතිශතයකින් පමණ මෙලෙස පහළ යනු ඇති බවය. පසුගිය වකවානුවේ බොර තෙල් මිල ඉහළ යාමට රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ප්‍රබල සාධකයක් වූ බව විශ්ලේෂකයින්ගේ මතයයි. එම යුද්ධයෙන් පසුව මෙවැනි අගයකින් බොර තෙල් මිල පහළ යන ප්‍රථම අවස්ථාව මෙය බව ද සඳහන්.

පසුගිය සතිය වන විට බොර තෙල් බැරලයක මිල ඩොලර් 67 කට ආසන්න අගයක් දක්වා පහළ වැටී තිබුණි.

ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී මෙරට ජනතාවට දැනෙන සහනයක් දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.