
කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද (29) උදෑසන 6 වන විට ආරම්භ කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය මේ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහාය වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
එම පණිවුඩයේ තවදුරටත් සඳහන් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ද ඉල්ලීමක් කර ඇත්තේ ඇනවුම් ලබා ගනිමින් අවශ්‍ය අවම තොග පවත්වාගෙන යන ලෙසය.
මේ වනවිට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත්, ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධනය අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බව ද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.