
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉන්දීය ජාතිකයකු ඇතුළු පස්දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස රත්‍රං කිලෝග්‍රෑම් 10.5ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා මුම්බායි වෙත රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය.