ඉන්දියාවෙන් බිත්තර මිලියන 2ක්

අද (23) අලුයම වන විට ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී ඇත. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ටී.ඒ.ඩී රංජිත් මහතා මේ බව තහවුරු කළේය. පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ සිට මෙරටට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කරන ලද්දේ මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණිනි. මෙම ආනයනය කරන ලද බිත්තර සහනදායී මිලක් යටතේ බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා සපයා දීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන පරීක්ෂණවලින් අනතුරුව මෙම බිත්තර තොගය නිදහස් කර ගැනීමට නියමිතය.