ඉන්දියාවෙන් බිත්තර නැවක්

රටේ පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජය බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබේ. මෙහි පළමු පියවර වශයෙන් හෙට (19) ඉන්දියාවේ සිට මෙරටට පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් පැමිණෙනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව නිවේදනය කරයි. බිත්තර මිලියන දෙකක් ගෙන්වීමට රජය සැලසුම් කර ඇති බව එහි සඳහන්.

එම බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිතව ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතීගත සංස්ථාව තවදුරටත් සඳහන් කරයි.