
බිත්තර ආනයනය කිරීම සඳහා රජය විසින් ගත් තීරණයත් සමඟ වැඩි වශයෙන් සැපයුම්කරුවන් ඉදිරිපත් වුයේ ඉන්දියාවෙනි. මේ නිසා රජය බිත්තර ආනයන කිරීමට ඉන්දියාවට ලබාදීමට තීරණය කෙරිණි.
එහෙත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසන්නේ ඕනෑම රටකින් බිත්තර ආනයනය කිරීමට හැකි වුවද ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බවය.එයට හේතුව වශයෙන් ඇය දක්වා ඇත්තේ බිත්තර ආනයන කරන රට කුරුලු උණ රෝගයෙන් තොර රටක් විය යුතු බව
යි.
පසුගිය වකවානුව තුළම ඉන්දියාවේ කුරුලු උණ රෝගය වාර්තා වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා
නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරයි.
වෙළෙඳ අමාත්‍යාංශය පවසන්නේ බිත්තර ආනයනය කිරීමේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනිවාර්ය බවයි.
.