ඉන්දියානු ප්‍රේමය ඩොලර් බිලියන සීයයි

වර්තමානය වන විට ලෝකයේ සියලු රටවල් ඩොලර් අර්බුදවලට මුහුණ දුන් කාලයකි, එහෙත් ඉන්දියාවෙන් දැනගන්නට ලැබෙන්නේ මීට වෙනස් පුවතකි. විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් තම රටට මෙම වසරේදී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බවට ලෝක බැංකුව ප්‍රකාශ කරයි . ගිය වසරට වඩා මේ වසරේදී එය 5% ක වැඩිවීමකි.
ලෝකයේ ඕනෑම රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි. එම වර්ධනයට හේතුවී ඇත්තේ අමෙරිකාව ඇතුළු අනෙකුත් සංවර්ධිත රටවල රැකියා වෙළෙඳපොළවල වැටුප් වැඩිවීම බව සඳහන් ය.