
ඌව පරණගම මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවෙසක මාස හතක දැරියක් හදිසියේ මිය ගොස් තිබේ. පොලිසිය සැක කරන්නේ දැරිය නිදා සිටි ලී වලින් ආවරණය කරන ලද ඇඳේ ලීවලට හිර වීමෙන් .ඇය මිය යන්නට ඇති බවයි.
මිය ගිය ළමයාගේ මව නිවෙසෙන් එළියට ගොස් නැවත පැමිණෙන විට දරුවා ඇඳේ ලීවල හිර වී සිට ඇති අතර, එ් මොහොතේම දරුවා ඌව පරණගම වැවෙිගම රෝහලට රැගෙන ගියත් , ඒ වන විටත් දරුවා මිය ගොස් ඇත.
මියගිය දරුවාගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා දියතලාව මහරෝහලට යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඌවපරණගම පොලිසිය මගින් සිදු කරයි.
ලුසන්ත රත්නායක
වැලිමඩ .