ආණ්ඩුවේ අනාගතය තීරණය කෙරෙන තීරණාත්මක සාකච්ඡාවක් හෙට (28) ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා සහභාගී වන මේ හමුවට ජනාධිපති සහ අගමැති එක්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බවට විවිධ ඉල්ලීම් ඉදිරිපත් වන අතරේ පැවැත්වෙන මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම් රැස්වීම තීරණාත්මක වනු ඇති බවත් හෙතෙම කීවේය.
