
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ තම පක්ෂයට බලය තිබෙන ප්‍රාදේශීය සභාවන්හි සිටින මන්ත්‍රීවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බවයි.
ඒ අනුව ඔවුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් කරන බව පවසන විපක්ෂ නායකවරයා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු බිහි කිරීම වෙනුවෙන් මෙය ඉදිරිපත් කල බවත පදවි ශ්‍රී පුර පැවැති ජනහමුවක් අමතමින් පැවසීය.
එමෙන්ම එකී ආචාර ධර්ම පද්ධති කඩ කළහොත් මන්ත්‍රීකම අහිමි වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නා බවද සඳහන් කළේය.