අවුරුදු 16 වන තෙක් විභාග කියා දෙයක් නැති ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටේ අධ්‍යාපනය.

අවුරුදු 16 වන තෙක් විභාග කියා දෙයක් නැති ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටේ අධ්‍යාපනය.

පින්ලන්ඩ් වල ලෝකයෙ සතුටින්ම මිණිස්සු ඉන්න රටේ අවුරුදු 16 වෙනකම් විභාග කියලා එකක් නැති අවුරුදු දහසයේත් විභාග කැමතිනම් විතරක් ලියන්න පුළුවන් ලෝකයෙ දියුණුම අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙන රටේ මැච්ස් (ගණිතය) වගේ විෂයයන් උගන්වන්නෙ ම නැහැ..

ඒ වෙනුවට උගන්වන්නේ ලී වැඩ,
උයන්න කරන්න, කවි ලියන්න..
වගේ විෂයන්… එයාලගේ මූලික අරමුණ මානව සබඳතා වර්ධනය කිරීම.. අපේ රටේ දෙක වසර ඉඳන් දරුවෝ විනාශ කරන පහේ ශිෂ්‍යත්වය කියන දෙමවුපියන්ගේ ආශාව සංසිඳවන එයාලගෙ හීනමානය කියන රෝගය සනීප කරගන්න දරුවෝ මරවනවා.. ටියුෂන් කඩ වලට යවනව…

ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේද තියෙන රටවල ටියුෂන් සම්පූර්ණයෙන්ම තහනම්..
ඒවායේ ප්‍රතිඵල තමයි ලංකාවෙ දරුවන්ගෙන් සියයට අසූවකට වඩා මානසික ආතතිය.. ඩිප්‍රෙෂන්…

උපාධි හතක් ගත්තත් ලෝකයෙ ලොකුම පොර වුණත් දෙමව්පියන්ට ආදරයක් නැති, වැහිටියන්ට ආදරයක් නැති, තමන් ළඟ ඉන්න අනෙක ගැන හැඟීමක් ආදරයක් නැති, නරුම මිනිස්සු නිර්මාණය කරලා තියෙන්නේ…
පාර්ලිමේන්තුවේ 225 ට බැන්නට ඒ මිනිස්සු තමයි දැන් ඉන්න අපිව පාලනය කරන්න තෝරගෙන තියෙන අපිව පාලනය කිරීමට තියා කිසිසේත් සුදුසුකමක් නැති පට්ට හොරු සහ මෝඩයො 225ක් තෝරන් තියෙන්නෙ..
යකාගෙ හැටියට තමයි විමානය හැදෙන්නේ…

කෙසේ හෝ තමන් පොරක් වියන්.. ඉන්ජියර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් වගේ ලොකු පොරක් වියන් කියන.. ඒ හම්බවෙන ජොබ් එකට අනුව වෛද්‍යය පුතුට, ඉංජිනේරු දුවට… කසාද හොයන වැඩිහිටියෝ ඉන්න ලෝකයක ඒ පිස්සු අධ්‍යාපන ක්‍රම වේදය සහමුලින් වෙනස් නොකර මොන විෂයන් හඳුන්වලා දුන්නා තේරුමක් නැහැ….
සහ සිස්ටම් ජීවන විලාශය චේන්ජ් වෙන්නෙත් නැහැ…..