අවසන් තරගයේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි සහ අවසාන එක් දින ජාත්‍යන්තර තරගය නවසීලන්ත කණ්ඩායම විසින් ජය ගන්නා ලදී. නවසීලන්ත කණ්ඩායම සිය ජය වාර්තා කළේ කඩුලු 6කිනි.

මුලින්ම පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 41.3කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 157කි. පැතුම් නිස්සංක 57යි..

මැට් හෙන්රි ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත් අතර හෙන්රි සිප්ලි ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේය.

කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.