අරුණ පේන්ට් පාරිභෝගිකයන් සමඟ සුහද පිළිසඳරක

අරුණ පේන්ට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අරුණ රාජපක්ෂ මහතා විසින් ප්‍රධාන ආරාධිතයා වූ නිපෝන් පේන්ට් ආයතනයේ සාමාන්‍යාධිකාරි නිමන්ත අබේසිංහ මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කළ අයුරු

වාහන පින්තාරු කිරීමේ Auto Paints අලෙවියේ දැවැන්තයෙකු වන බොරලැස්ගමුව, පැපිලියාන අරුණ පේන්ට් ආයතනයේ රටපුරා විසිරී සිටින පාරිභෝගිකයින් 600කට අධික පිරිසක් වෙනුවෙන් ඉකුත්දා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී සුහද හමුවක් සංවිධානයකොට තිබුණි. ඒ සඳහා නිපෝන් පේන්ට් ආයතනයේ සාමාන්‍යාධිකාරි නිමන්ත අබේසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගි වී සිටියහ. අභිමානවත්ව පැවැති එම අවස්ථාවේදී අරුණ පේන්ට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අරුණ රාජපක්ෂ මහතා විසින් ප්‍රධාන ආරාධිතයා වූ නිපෝන් පේන්ට් ආයතනයේ සාමාන්‍යාධිකාරි නිමන්ත අබේසිංහ මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කළ අයුරුයි මේ.
එම අවස්ථාවට එක්වූ ආරාධිත අමුත්තන් ඇතුළු පාරිභෝගිකයින්ගෙන් කොටසක් ඡායාරූපයේ වෙති.

නිපෝන් පේන්ට් ආයතනයේ සාමාන්‍යාධිකාරි නිමන්ත අබේසිංහ මහතා