අරගලයේ නීතිඥයෝ පට්ටපල් බොරු කියනවා. පොලිස්පති

අරගලයේ නීතිඥයෝ පට්ටපල් බොරු කියනවා. පොලිස්පති

අරගලයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥවරයෙකු විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුල් කරගෙන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පළ කර ඇති අදහස් සහමුලින් අසත්‍ය බවත් එම චෝදනා මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බව ත් පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදය මෙසේ ය.

ශ්‍රී ලංකා පොලිස්පති

“අරගලයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ මනෝජ් නානායක්කාර විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක වීඩියෝ පටයක් විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍යවල මේ දිනවල ප්‍රචාරය වෙමින් පවතී.

මෙම වීඩියෝවෙහි ප්‍රකාශ කරන ආකාරයට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව ත් එසේ අත්අඩංගුවට ගතහොත් ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නොහැකි බවට පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කර ඇති බවට ත් සඳහන් කරයි.

මේ සම්බන්ධව පොලිස්පතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැමිණිලි කර ඇති බවට ත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඉහත නීතිඥවරයා විසින් සිදු කරනු ලබන ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු ලබන අතර එවැනි නියෝග ලබා දීමක්, ප්‍රතික්ෂේප කිරීමක් හෝ පැමිණිලි කිරීමක් යන කරුණු කිසිවක් සිදුවී නොමැති බව අවධාරණය කරමු.

යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම පිළිබඳව තීරණය කරනු ලබන්නේ ඔහුට එරෙහිව පවතින චෝදනාව පිළිබඳ නිසි විමර්ශනයක් පවත්වා කරුණු තහවුරු වීමකින් පසුව බව ද සඳහන් කළ යුතු ය.”