අය වැය දිනන්නම් කැබිනට් එක අපි කියන විදිහට හදන්න. පොහොට්ටුව රනිල් ට නියෝග.
මුළු රටම සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක මිරිකීමෙන් දුක්විඳිමින් සිටින මොහොතක, පාසල් දරුවන් උදෑසන ආහාරය නැතිව උදෑසන රැස්වීමේ දී සිහි නැතිව ඇද වැටෙන මොහොතක ඊළඟ අයවැය ජග්‍රහණය කරවීමට නම් තමන් කියන ආකාරයට කැබිනට් මණ්ඩලය නම් කලයුතු බව කළ යුතු බව ජනාධිපති වරයාට පුටුවේ නායක මණ්ඩලය විසින් දන්වා ඇත..
මෙවර අයවැය අවසන් ඡන්ද විමසීමේදී එය ජයග්‍රහණය කිරීම සඳහා තම ඡන්දය ලබාදෙන්නේ අය-වැයෙන් පසුව කැබිනට් මණ්ඩලයට තම පක්ෂයේ යෝජිත මන්ත්‍රීවරුන් පත්කරන බවට සහතික වන්නේ නම් පමණක් බවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් විසින් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කීපදෙනේකු තවමත් ඇමැති මණ්ඩලයට පත්කිරීම ජනාධිපතිවරයා විසින් ඉවත දමා ඇති නිසා මෙලෙස යෝජනා කිරීමට තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
එසේ ම, මේ සම්බන්ධයෙන් නැවත මෙරටට පැමිණෙන බැසිල් රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙන බව ත් වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලබන කැබිනට් මණ්ඩලය තුළ පොහොට්ටු සාමාජිකයන් 16කුත් රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමේ 14කුත් වශයෙන් ඒ අනුව එකඟ වී ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙතෙක් පොහොට්ටුවේ හතර පස් දෙනෙක් හැර අනෙක් සියලු දෙනා ම වික්‍රමසිංහ මහතාගේ තෝරා ගැනීම් වන අතර ඒ පිරිස වෙනුවට පොහොට්ටුව විසින් සකසන ලද නාම ලේඛනයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.