රෝහණ වීරසිංහ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂතම සංගීතවේදීන් අතලොස්ස්සෙන් කෙනෙක්.වින්ඩි ගුණතිලක ගයන අයියෝ සාමි ජනප්‍රිය වීම සමඟ රෝහණ වීරසිංහ ඒ පිළිබඳ මුහුණුපොතේ මෙසේ සටහනක් දමා තිබුණා
මගේ හිතාදර මිතුරු සංගීතවේදී “රූකා/ ලේඛා”යුවලගේ සෙනෙහෙබර දියණි “වින්ඩි” ගේ අලුත්ම ගීතය “අයියෝ සාමි” මේවනවිට සමාජ මාධ්‍ය තුල දෙස්-විදෙස් සංගීත ලෝලීන් අතර අති දැවැන්ත ආකර්ශනයක් දිනාගෙන ශ්‍රීලංකා සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට ගෞරවයක් ගෙනදෙමින් තිබීම පිළිබඳව මගේ හදපිරි බලවත් සතුට හා උණුසුම් සුබපැතුම් පිරිනමන අතර ,අනික් පාර්ශවයයෙන්ද මගේ ගජමිතුරු සංගීතවේදී “සංගීත්” ගේ දයාබර පුතණු “සනුක” ගේ මධුර මනෝහර තනුව හා සංගීතයද මා ඉතා ඉහලින් අගය කරන බව සදහන් කරනු කැමතියි.
රූගත කිරීමේදීද විදින්නට ලැබෙන නැවුම් විචිත්‍රවත් බව තවතවත් මේ නිර්මාණය ඉහලට ඔසවා ඇතිබව කිවයුතුයි. ජයෙන් ජයම වේවා
