අයවැය තෙවන වර කියවීම සම්මතයි

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(දෙසැ 8) පස්වරුවේ පැවැත්වුණි. එහිදී ඊට පක්ෂව ඡන්ද123ක් ද විපක්ෂව ඡන්ද 80ක් ද හිමිවිය. වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වූ අතර මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
මෙහිදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අයවැය තෙවන වර කියවීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සභාවට පැමිණ සිටියේ නැත.