
ටික්ටොක් මෙවලම භාවිත කරන අමෙරිකානුවන්ගේ දත්ත චීන සමාගමක් සතුව තිබීම අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් බව එරට බලධාරීහු පවසති. මේ නිසා අමෙරිකානු රජය පවසන්නේ චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවය. එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කරන බවත් ඔවුහු පවසති.
ටික්ටොක් මෙවලමේ හිමිකාරීත්වය දරන “ByteDance” චීන සමාගමට අමෙරිකානු රජය විසින් මෙලෙස අනතුරු අඟවා තිබේ. අමෙරිකාව විසින් එවැනි ඉල්ලීමක් කළ බව ටික්ටොක් තහවුරු කර බව වාර්තා වේ.