අමරවීරගෙන් දැඩි තීරණ

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පාලනය වන ආයතනයක් වන මිල්කෝ ආයතනය සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එක් ආයතනයක් බවට පත් කරන බව අමාත්‍යවරයා අද 11 පෙරවරුවේ අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පිහිටි කුඹුරු ඉඩම අස්වැද්දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තවද, අමාත්‍යංශයට අයත් ආයතන 08 ක් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
එමෙන්ම පොහොර බෙදාහැරීම සඳහා පවතින ලංකා පොහොර සමාගම සහ කමර්ෂල් පොහොර සමාගම ද එක් ආයතනයක් බවට පත් කිරීමට නියමිතය.
මේ අනුව ලංකා හදබිම අධිකාරිය සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක් ආයතනයක් බවට පත් කිරීමට නියමිත අතර අනුරාධපුර පසු අස්වනු තාක්ෂණික ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය ද එක් ආයතනයක් බවට පත් කිරීමට නියමිත බවකෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහිදී සඳහන් කළේය .