අපේ සංස්කෘතිය හැදුනෙත් කංසා එක්ක
ත්‍රෛලෝක විජයපත්‍ර වැඩසටහන ඉතාමත්ම වටිනා වැඩපිළිවෙළක් බවත් අපේ සංස්කෘතිය පැවතියේ කංසා මත බවත් සමගි ජනබල වේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පැවසීය.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අය වැය කථාව තුළින් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කර ඇති බවත් සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
කැනඩාව, ඇමරිකාව වැනි රටවල ප්‍රතිජීවක ඖෂධවලට හොඳම අමුද්‍රව්‍යයක් වශයෙන් කංසා භාවිතා කරන බවත් අපේ සංස්කෘතිය තිබුණේද කංසා මත බවත් පැවසූ ඒ මහතා එම සංස්කෘතිය සුද්දො ඇවිත් දුම්කොළවලින් නැති කළ බවත්, දුම්කොළ පානය නොකරන නිසා කංසා රට තුළ තහනම් කළ බවත් කියා සිටියේය..