
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා,මොනරාගල පැවති දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණවලට බය නොවනබවයි. එමෙන්ම තව දුරටත් ඔහු පවසන්නේ
“එදා මේ අයට ඇවිත් රට භාරගන්න කිව්වාම ඔය කෑගහන දෙගොල්ලොම ඒ වෙලාවේ රට භාරගත්තේ නැහැ. එයාලා දන්නවා එයාලට කරන්න පුළුවන් හරිය කොච්චරද කියලා.
මිත්‍රවරුනි, මේ වගේ අය තමයි අහන්නේ, අපි ඡන්දයට බයද කියලා. අපි කිසිම බයක් නැහැ ඡන්දෙට. අපි ගමට වැඩක් කරපු පක්ෂයක්. එහෙම නැතුව TV එකෙන් දිනලා, පත්තරෙන් දිනලා, ගිහින් ගමේ ඡන්ද කරන්න බැහැ.
ඒ අය ඡන්දයට බය නැත්නම් ඇයි නිතරම ජනතාව කුපිත කරන්නේ ? අද ඒ අය පාසල් දරුවන්වත්, තව පැත්තකින් රෝගීන්වත් ප්‍රාණ ඇපයට අරගෙන එයාලගේ ඉල්ලීම් දිනාගන්න තැනට වැටිලා තියෙනවා.
කම්කරු අයිතීන් දිනාගන්න එක වරදක් නෙමෙයි. හැබැයි මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන ආර්ථිකයත් ජන ජීවිතයත් කඩාබිඳ දානවනම් ඒ අය කරන්නේ මහ අපරාධයක් ” යනුවෙනි