
ලබන සතියේ අඟහරුවාදා එනම් අප්‍රේල් 4 වන දා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මහලේකම් වැඩිදුරටත් පැවසීය.
එදින එනම්, අප්‍රේල් 4 වනදා පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා බව එම නිවේදනයේ සඳහන්. පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2306/15 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගයක් සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2320/46 සහ 2320/47 යන ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි ද්විත්වයක් විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ. ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
2023 අප්‍රේල් 18 සිට 22 දක්වා බලපැවැත්වෙන අප්‍රේල් මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතිය වෙනුවට අප්‍රේල් 25 වන අඟහරුවාදා සිට අප්‍රේල් 28 වන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම්රයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.