- පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියයි

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය ප්‍රකාශ කරනුයේ පවතින තත්ත්වය තුළ අප්‍රේල් 25 දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්විය හැකි බවය.
රජය අධිකරණ නියෝග පවා නොසලකමින් කටයුතු කරමින් සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, “මේ වන විට පවතින තත්ත්වය අනුව අප්‍රේල් මාසයේ 25 වන දා වන විට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක් පෙනෙන්නට නැහැ. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණය විසින් දීපු තීන්දු විවේචනයට ලක් කරන තත්ත්වයකට රට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ නියෝග නොසලකන තත්ත්වයකට පාලකයන් පත් වෙලා.
ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩකඩ ලබා දුන්නේ නැත්නම් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව වගකිව යුතුයි.” යන්නයි.