අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳව ඇතැමුන් පැතිර වූ නාඩගමේ ඇත්ත අද වන විට හෙළිදරව් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව අච්චාරුවක් බවට පත්වී ඇති බවත්, ඒ අච්චාරු වෙච්ච ආණ්ඩුවක අන්තර් වාර ආණ්ඩු කරන්න හෝ එහි පාර්ශවකරුවන් වෙන්න සමගි ජන බලවේගය සූදානම් නැතැයි පැවසූ විපක්ෂ නායකතුමා, තමන් මේ නාඩගම පිළිබඳව මුල සිටම දැන සිටි බවද පැවසීය.
විපක්ෂ නායකකම් හෝ ඊට වඩා ලොකු තනතුරු හෝ තමන්ට ආභරණ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ තනතුරු වලට වහල් වෙමින් ජනතා සටන පාවා නොදෙන බවද පැවසීය. ජනතා විරෝධය සහ ජනතාවගේ ඉල්ලීම වරදාන වලට පාවා දීමේ පුරුද්දක් සමගි ජන බලවේගයට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයේ අරගලය වන්නේ මේ රටේ ජනතාවට ජයග්‍රහණ අත්පත් කරදීම බව ද පැවසීය.
අද මුදල් වරදාන වරප්‍රසාද ලබා දෙමින් ආණ්ඩු අටවා ගැනිමට ඇතැමුන් කටයුතු කළත් සමගි ජන බලවේගය හෝ සමගි සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙකු එවැනි වරදානවලට නොරැවටෙන බව ද විපක්ෂ නායකතුමා පැවසීය. ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද (29) තෙවැනු දිනයට දංඕවිටෙන් ආරම්භ විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටී