අධි එන්ජින් ධාරිතාවක් ඇති යතුරුපැදි ලියාපදිංචියට

ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ලියාපදිංචි කර නොමැති අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරුපැදි සඳහා සිය අවධානය යෙමු කර තිබෙි. ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් දී තිබෙන්නේ එම යතුරුපැදි නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කිරීම සදහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙසයි.

මෙම ක්‍රමවේදය ඔස්සේ මෙරටට ගෙන්වා එකළස් කළ හා එන්ජින් ධාරිතාවය 450 සිට ඉහළ යතුරුපැදි සඳහා නිසි ලියාපදිංචියක් සිදුකර භාවිත කළ හැකි ආකාරයට සකස් වනු ඇත. මෙවැනි ක්‍රමවේදයක් සකස් කර දෙන ස්පීඩ් රයිඩර්ස් සංවිධානය සහ ක්‍රීඩා සමාජ විසින් කරන ලද ඉල්ලීමකට අනුව අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.