අධිකරණයෙන් අන්තරේට නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (07) දින දහවල් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත. එම නියෝගය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය සංගම් 16ක ක්‍රියාකාරීන්ට සහ ඊට සහභාගි වන තැනැත්තන්ට අදාළ වන බවත් එහි සඳහන් වේ.

අධිකරණ නියෝගයට අනුව එම උද්ඝෝෂණයට සහභාගි වන අයට අද පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීම තහනම් වේ.

එමෙන්ම තවත් කොළඹ මාර්ග රැසක් ද නම් කරමින් ඒවා ද අවහිර කිරීමෙන් වළකින ලෙස අධිකරණය අදාළ උද්‍ඝෝෂකයින්ට නියෝග කර ඇත.