අද සිට QR ක්‍රමය වෙනස් වෙයි

සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ ඉන්ධන කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එය අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කෙරෙන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් සඳහා වැය වන බෙදාහැරීමේ පිරිවැය අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.