අද සිට ලංකාවට එනකොට පළදින්න පුළුවන් රත්තරන් උපරිම කැරට් ප්‍රමාණයක්.
මෙතෙක් කලක් වෙනත් රටකට ගුවන් ගත වීමේදී ලංකාවට පැමිණීමේදී මුලිකම අවධාණය යොමු කල කාරනාව වුයේ තමන් ගෙන යන භාණ්ඩ වල බර සම්බන්ධ ප්‍රශ්ණයයි. විදෙස් ගතවීමේදී එකතුකරගත් ගෙන යාමට ගෙන ඒමට තිබු
බඩු භාණ්ඩ ‘අනේ මේකනම් දාල යන්න බහැ’
අම්මේ මට මේකනම් ගෙනියන්නම ඕනි.. පොඩි දරුවන් හදා වැලපෙන සිදුවීම් වලට දෙස් විදෙස් සජීවීව අත්විදි අවස්ථා ඔබට දහසක් සිහියට නැගෙණු ඇත..
මේ ඔබට වාර්තාකරන්නේ ඒ ගැන නොවේ…
රත්‍රන් ජාවාරම් මැඩලීමේ අරමුණින් ආනයන – අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව රත්‍රන් ගෙන මෙරටට ගෙන ඒමට පැවති හැකියාව සීමා කිරීමට පියවර ගෙන තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රංජිත් සියඹලාපිටිය විසින් මේ බව අද (නොවැ. 26) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
ඒ අනුව, ශ්‍රී ලංකාවට ඇතුළු වන ගුවන් මගීන් සඳහා කැරට් 22කට වැඩි රන් ආභරණ පැළඳ පැමිණීම තහනම් කර ඇත.