අද වතුර නෑ

අද (23) දින ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙලෙස වැඩවර්ජනය නියැලෙන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සදහන් කළේය.

අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයිනපුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගී වන බව උපාලි රත්නායක මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම වැඩවර්ජනයට සමගාමීව අද දහවල් 12ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවය.

වැඩවර්ජනය හේතුවෙන් අද (23) ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් අද දිනයේ ඉටුනොවන අතර අයකැමි අංශ ද වසා දැමීමට සැලසුම් කර ඇති බව සඳහන්.