වරාය සහ බැංකුත් එක් වෙයි

අද (13) රෝහල් රැසක වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය ගත් බවයි ඔවුන් පවසන්නේ.
බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැඟෙනහිර පළාත්වල සියලුම රෝහල්වල අද උදෑසන 08 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලු ආදී කරුණු කිහිපයකට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පසුගියදා තීරණය කොට තිබිණි.
ලංකා බැංකු සේවක සංගමයට අයත් සියලුම බැංකු සේවකයින් අද දිනයේ කළු ඇඳුමින් සැරසී විරෝධතාවයේ නිරත වීමට සැලසුම් කර ඇති අතර වරාය සේවකයින් ද අද සිට පැය 48ක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මෙම විරෝධතා සහ වර්ජන ක්‍රියාමාර්ගයන්ට අද දිනයේ සම්බන්ධ වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව සමස්ත ලංකා හෙද සංගමය, ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව, ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඇතුළු පාර්ශ්ව රැසක් ද මෙම සතිය තුළ විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට නියමිතය.
මෙම ගැටලුවලට රජය නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ලබන 15 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.