අද ගුරුවරියෝ පාසලට සාරි ඇදන් ආපු එක ගැන…
අද ලංකාවෙ ගුරුවරුන් පිරිසක් සාරි වලින් තොරව වෙනත් ඇඳුම් ඇඳන් පාසල් ගිහින්…..ඔවුන් ගේ ඒ පෙරලිය ගැන සතුටුයි.
මගේ අම්මත් ගුරුවරියක්.ඇය ගුරු විද්‍යාලයට තේරුණ දා සිටම අම්මාගේ තාත්තා ,අපේ සීයා ඇයට සංකර ගවුම් අඳින්න දීලා නැහැ…
ඉතින් ඒකෙ ප්‍රථිඵලයක් විදියට අම්මා පාසලට විතරක් නෙවෙයි කඩේට ගියෙත් සාරි ඇඳගෙන.යාන්තම් ගෙදරට ගවුම් ඇන්දා.අපට අම්මාව සාරියෙන් බේරගන්න පුලුවන් වුනේ අම්මාගේ මහලු වියේදී.ලස්සන ලස්සන සායවල්,බ්ලවුස් ජීවිතේ අවසන් කාලයේදී ඇය ඇන්දා.
පාසලට සාරිය අඳින ගුරුවරුන් පිටතදී කලිසම් අදිනවා.ලස්සන ඇදුම් අදිනවා.නමුත් සාරිය වැදගත් ඇඳුම බවට බෞතීස්ම කරල නිසා පපුවෙන් සෑහෙන්න කොටසක් පිටතට පෙනෙන,(කර පළල් හැට්ටය තමා ඉස්සර බහුතරයක් අදින්නේ සහ දැනුත් ජනප්‍රිය )නිරාවරණය වූ ඉන සහ පිට වගේ ඒවා කාටවත් ප්‍රශ්නයක් වුනේ නෑ.ඒත් ඒවා ඔක්කොම වැහෙන වෙනත් විලාසිතා වැදගත් නොවන ඒවා බවට පත්වුනේ කොහොමද කියල මට නම් හිතාගන්න බැහැ.
කොහොම වුනත් සාරිය ට කැමති අය ඉන්නවා.එයාලා ඒක ඇඳන් යාවි.අකමැති ,අපහසු අය තමන්ට පහසු විදියට මින් ඉදිරියට රාජකාරියට යාවී.
මම සාරි ලෝලියෙක් නෙවෙයි. ඩෙනිම් කලිසම සමග සුදුසු ටොප් එකක් මම අඳින්න ආස.මම කරන කටයුතු එක්ක ඇඳුමට නිශ්චිත රාමුවක් නැහැ.
ඒත් ලස්සනට සාරිය අඳින ඒකට කැමති අයට මගෙ විරුද්ධත්වයක් නැහැ.ඒක එයාලගෙ කැමැත්ත .මගේ මිතුරියන් සිටිනවා වෙනත් ඕනෑම ඇඳුමකට වඩා සාරියට හැඩ.
ඒ විදියට ම සාරිලෝලීනුත් හිතුවොත් දෙගොල්ලම සතුටින් ,විවේචනවලින් තොරව,ෆේස්බුක් ගුස්ති ඇල්ලීම් වලින් තොරව ඉන්න පුළුවන් වේවි.
මේ පින්තූරයේ ඉන්නෙ අද සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසුණු තිලිනි ෂැල්වින් ගුරුතුමිය.ඇයට වගේම අද වෙනත් ඇදුම් වලින් සැරසී පාසල් ගිය,ඒවෙනුවෙන් පියවරක් තැනූ සියලුම දෙනාට මගේ ආචාරය!
සටහණ.. පරිවර්ථන ලේකිකා චම්මි ඉරේෂා කටුගම්ප්පල